වේදිකාව නිහඬයි ! තවත් තරුවක් බැසයයි !

වේදිකාව නිහඬයි ! තවත් තරුවක් බැසයයි !

ප්‍රවීන රංගධර සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඒ මහතා 57 වන වියේ පසුවිය.

ඔහු වේදිකාව, සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේද එකසේ ජනාදරයට පත්විය.

අබුද්දස්ස කෝළම, අන්දරේලා, ගුරු තරුව, රාජ කපුරු, තලමල පිපිලා, නරි බුරති ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවකටද, රාජ්‍ය සේවය පිණිසයි, ලේ කිරි කඳුළු, සමනල තටු, සුනාමි, ඇතුළු සිනමා පට තිස් පහකට පමණද රංගන දායකත්වය සැපයූ ඔහු දූ දරුවෝ , කේතුමතී, සිහින සමාගම, සිඳු වැනි එදා මෙදාතුර ජනාදරයට පත් ටෙලි සිත්තම් ගණනාවකටද දායක විය.