සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වේ

සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ රංගනවේදී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි තෙන්නකෝන් මහතා මිය යනවිට හැට දෙහැවිරිදි වියේ පසු විය.

වේදිකාව, සිනමාව මෙන්ම ටෙලි ක්ෂේත්‍රය තුළද සම්පත් තෙන්නකෝන් මහතාගේ රංගනය නොමැකෙන සලකුණක් වේ. ගුරු තරුව, ඒකා- අධිපති, පුත්‍ර සමාගම, රෝමය ගිනිගනී, සුදු රෙදි හොරු, තලමල පිපිලා ඇතුළු වේදිකා නාට්‍ය මෙන්ම හිමගිර, අහස් මාළිගා, ගිනි අවි සහ ගිනි කෙළි, සරෝජා, සිරි රජ සිරි ඇතුළු සිනමාපට ඔහුගේ රංග කාර්යයෙන් අල්පයක් පමණි.

අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත සිදු කරන බව පවුලේ ඥාතින් දන්වා තිබේ.