අඳුරෙන් ආලෝකයට යන සිනමාව 

අඳුරෙන් ආලෝකයට යන සිනමාව 

 

IMG 20211127 WA0009

Jai Bhim කියන්නෙ "අඳුරෙන් ආලෝකයට  " ලෙස අර්ථවත් වෙන මේ ස්ලෝගන් එක භාවිතා කරන්නේ  Bhimrao  Ramji Ambekar ව සිහිකිරීම සඳහා. නැතහොත් ඔහුට ගෞරව කිරීමක් ලෙස. භීම් රාඕ රාම්ජී අම්බෙඩ්කාර් කියන්නෙ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ.  ඉන්දියාවෙ කුල භේදය නිසා පීඩා විඳින මිනිසුන් වෙනුවෙන් සටන් කල විප්ලවීය සටන්කරුවෙක්. දාලිත් කුලයේ මිනිස්සු වෙනුවෙන්, හින්දු කුලවාදයට විරුද්ධව සටන් කල ඉන්දියානු පාර්ලිමේන්තුවේ සියලු මිනිසුන්ගේ අදහස් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක්. විප්ලවීය නායකයෙක්. දාලිත් කුලයේ කාන්තා හා ළමා අයිතිවාසිකම් ලබාදීමට පෞද්ගලිකව කැප වුන දේශපාලන චරිතයක්.

Bhimrao Ramji Ambedkar 1024x581 Bhimrao  Ramji Ambekar 

මේ චිත්‍රපටයෙත් එක් තැනක චන්දෘ අහනවා  "නේරු ඉන්නවා , ගාන්ධි ඉන්නවා  අම්බේකාර් විතරයි නැත්තෙ" කියලා.

අඩු තරමෙ පහත් කුල වල යැයි සලකන  මිනිස්සු විතරක් නෙවෙයි ඔවුන් වෙනුවෙන් සටන් කල අයෙක් ගැනවත් සඳහනක් නෑ. 

Jai Bhim - 1993 තමිල්නාඩුවේ කුඩලෝර් කම්මපුරම් පොලිස් ස්ථානයේදි පොලිසිය විසින් මරා දැමූ ඉරුලර් නම් කුලයේ තරුණයෙකුගෙ මරණය සම්බන්ධ නඩු විභාගය සහ විමර්ශනය පදනම් කරගෙන නිර්මාණය වුන Courtroom based movie එකක්. 

 

IMG 20211127 WA0005

සිනමාපටයේ චන්දෘ ( Suriya )
සහ සැබෑ චන්දෘ (Krishnasamy Chandru)


මේ සිනමාපටයට තේමා වෙන්නේ පීඩිත ඉරුලර් මිනිසුන් වෙනුවෙන් සටන් කළ 
Krishnasamy Chandru නම් නීතඥවරයා. පොලිසිය විසින් සිදුකරන මිලේච්ඡ ප්‍රහාරවලට විරුද්ධව සටන් කළ, සියලු මිනිස්සුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් විශේෂයෙන්ම ඉරුලර් සහ දාලිත් කුලවල අය වෙනුවෙන් සටන් කළ ඔහු ඒ එකඳු නඩුවක් වෙනුවෙන් හෝ කිසිඳු මුදලක් අය කර නැහැ. වසර හයක් තුල නඩු 96000 ක් මෙහෙයවා සාධාරණ සහ ඓතිහාසික තීන්දු ලබා දී තියෙනවා. ආචාර්ය අම්බෙඩ්කාර්ගේ අනුගාමිකයෙකු ලෙස ඔහු ඔහුව හඳුන්වා දී තියෙනවා.

IMG 20211127 WA0008

 

පහත් යැයි සලකන කුල වල මිනිසුන් හට පොලිසිය දෙන අමානුෂික වදහිංසා චිත්‍රපටය තුල පෙන්නුම් කරනවා. 

චිත්‍රපටය බලලම ඒ ගැන හිතන්න ඕන නිසා කතාව නොකියා ඉන්නම්. නමුත් මසාලා රසය ඉවර වේගෙන යථාර්ථවාදී සිනමාවක් කරා ඇඳෙන දමිළ සිනමාව ගැන ආදරෙන් හිතන්න පුළුවන් චිත්‍රපටයක්. දුෂ්‍ටයට මැරෙනකම් ගහද්දි විසිල් ගහපු ප්‍රේක්ෂකාගාරය , සාධාරණත්වය වෙනුවෙන් නීතීයෙන් යුක්තිය හොයාගන්න ඕන කියලා කියද්දි දැන් විසිල් ගහනවා.

IMG 20211127 WA0007
ඒ කියන්නෙ නිර්මාණකරුවෙක්ට ප්‍රේක්ෂකාගාරයක් කනපිට හරවන්නවත් පුළුවන්. සමාජය කනපිට හරවන්නවත් පුළුවන් කියලා පණිවිඩයක් හැංගිලා තියෙනවා. අධ්‍යක්ෂවරයා තෝරාගත් තේමාවෙන්ම කියන්නෙ ඒකමයි. 

එහෙම මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සු දැක්කම දැනෙන්නෙ සුවිසල් සතුටක් සහ ආදරයක්.

අල්ලපු රටේ හරි ලෝකෙ කොහෙ හරි තැනක මිනිස්සු වෙනුවෙන් එහෙම හඬ නැගෙන එක, එහෙම නිර්මාණ බිහිවීම ගැන අප්‍රමාණ සතුටක් චිත්‍රපටය බැලුවම දැනුනා. 

"ජය බීම් කියන්නෙ 

"අඳුරෙන් ආලෝකයට එන මාර්ගය"

"ජය බීම් කියන්නෙ දහස් ගානක් මිනිසුන්ගේ කඳුලක්...."

(චිත්‍රපටයේ අවසානයේ පෙන්වන මරාති කවියක දළ අදහස)


| නෙළුම් නිසංසලා