' රංචාගොඩ ළමයා ' සමුගනියි !

' රංචාගොඩ ළමයා ' සමුගනියි !

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී  සිරිලාල් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 97 වන වියෙහි පසුවිය.

පුවත්පත් ගණනාවකට ලිපි ලියූ ජනප්‍රිය පුවත්පත් කලාවේදියෙකු වූ ඒ මහතා
ඇත්ත පුවත්පතට 'රංචාගොඩ ළමයා' නමින් ඉතා ජනප්‍රිය ලිපි මාලාවක් රචනා කළේය.

මේ නිසා කොඩිකාර මහතා ජනතාව අතර වඩාත් ප්‍රචලිත වූයේද ' රංචාගොඩ ළමයා' ලෙසින්ය.

කොඩිකාර මහතාගේ  කෘති ලෙස මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, ටයර් සෑය, කනේරු මල්, මා දුටු කෝසල සිහින, දියවැලක් ඔස්සේ, ලෙයින් ලියූ කවි, නොරජුන්ගේ අන්තප්පුරය, ගහෙන් වැටුණු ගැහැනිය,  නයිල් ගඟේ කෙස් ගස , විශ්වය තුළ විශ්ව, යනාදිය සිහිපත් කළ හැකිය.

සිරිලාල් කොඩිකාර මහතා මෙරට ප්‍රවීණ ගත්කතුවරයෙකු වූ පසන් කොඩිකාර මහතාගේ පියාණන්ය.

එතුමාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.