මෙවර පද්ම ශ්‍රි සම්මානයෙන් ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙක් පිදුම් ලබයි

මෙවර පද්ම ශ්‍රි සම්මානයෙන් ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙක් පිදුම් ලබයි

ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය සහ අභාවප්‍රාප්ත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය ඉන්දීය රජයෙන් පිරිනැමෙන පද්ම ශ්‍රි සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවා.

පසුගිය 08 වනදා ඉන්දියාවේ රාශ්‍රපතිභවන් හිදී පැවති පද්ම ශ්‍රි සම්මාන උළෙලේදී මහචාර්ය ඉන්ද්‍රා දසනායකගේ දියණිය වත්සලා දසනායක විසින් ඉන්ද්‍රා මහත්මියට හිමි සම්මානය ලබාගත්තා. 

image 08694fff16

 

වජිරා චිත්‍රසේන මහත්මියට හිමි සම්මානය අද (17) අරලියගහ මන්දිරයේදී ඉන්දීය මහකොමසාරිස් වරයාගේ අතින් පිරිනැමුණා.

ඒ එතුමියට ඉන්දියාවේ පැවති  සම්මාන උළෙලට සහභාගීවීමට නොහැකි වීම හේතුවෙන්.


FEYwFhZVUAApUL2.jpeg
ඉන්දු ශ්‍රි ලංකා සංස්කෘතික බැඳීම් තව දුරටත් ශක්තිමත් කිරීමට වජිරා චිත්‍රසේන මහත්මිය කලා ක්ෂෙත්‍රයෙන් දැක්වූ දායකත්වය අගයමිනුයි මෙම සම්මානය එතුමියට හිමිවූයේ.

ශ්‍රි ලංකාවේ අධ්‍යාපන ධාරාවට හින්දි භාශාව හඳුන්වා දෙමින් කැපී පෙනෙන සේවයක් කළ   මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මියගේ එම දායකත්වය අගයමිනුයි  එතුමිය පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවේ.

පද්ම ශ්‍රි සම්මානය ඉන්දියාව විසින් පිරිනමන සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන අතර මින් පෙර ශ්‍රි ලාංකිකයෙක් ලෙස එම සම්මානයෙන් පිදුම් ලබා තිබෙන්නේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් පමණයි.