විද්‍යා ප්‍රබන්ධ රසිකයින්ට වජිරගෙන් අලුත් පොතක්

විද්‍යා ප්‍රබන්ධ රසිකයින්ට  වජිරගෙන් අලුත් පොතක්

ප්‍රවීන මාධ්‍යවේදී වජිර  කැළුම්  පෙරේරා  රචනා  කළ  බිත්තර  යුගය  විද්‍යා  ප්‍රබන්ධ  කෙටිකතා  සංග්‍රහය  කොළඹ  07, පුස්තකාල  හා  ප්‍රලේඛන  සේවා  මණ්ඩල  ශ්‍රවණාගාරයේදී  පසුගියදා එළි  දැක්විණ. 


ගුවන්විදුලි  රාජ්‍ය සම්මානලාභියෙකු  වන  වජිර  කැළුම්  පෙරේරාගේ  පළමු  ග්‍රන්ථය  මෙයයි.

කර්තෘ  ප්‍රකාශනයක්  ලෙස එළි  දැක්වූ  බිත්තර  යුගයෙහි  විද්‍යා  ප්‍රබන්ධ  කෙටිකතා  අටක්  අන්තර්ගත  වෙයි.  විවිධ  තේමාවන්  ඔස්සේ ඒවා  රචනා  කර  තිබේ.  

IMG 20211109 WA0010
බිත්තර  යුගය  ජනගත  කිරීමේදී  අදහස්  දැක්වූ,  වොයිස්  ඔෆ්  ඒෂියා  මාධ්‍යජාලයේ  විධායක  අධ්‍යක්ෂ, ස්වාධීන  රූපවාහිනී  හිටපු  සභාපති  අනුර  සිරිවර්ධන  මහතා  කියාසිටියේ,  කෘතිය  ඔස්සේ  වජිර  කැළුම් පෙරේරා  ඔහුගේ  පරිකල්පන  ශක්තිය  මනාව  පෙන්වා  ඇති  බවයි.  විද්‍යා  ප්‍රබන්ධකරුවාගේ පරිකල්පනය  සීමා  මායිම්  ඉක්මවා  යන  බව  ද,  ඉදිරියේදී  ද  ඔහුට  තවත්  නිර්මාණ  රැසක්  කළ  හැකි වෙතැයි  ද  සිරිවර්ධන  මහතා  විශ්වාස  කරන බවද ඒ මහතා පැවසීය.

 

IMG 20211109 WA0025

කැලණිය  විශ්ව  විද්‍යාලයයේ  ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය  විජයානන්ද  රූපසිංහ  මහතා  කියාසිටියේ  කෙටි සහ  සරල  වාක්‍ය  භාවිතයෙන්  පාඨක  රස  වින්දනය  වර්ධනය  කළ  හැකි  ආකාරයේ  ග්‍රන්ථයක්  ලෙස බිත්තර  යුගය  හැඳින්විය  හැකි  බවයි.  විද්‍යා  ප්‍රබන්ධ  යනු  සාහිත්‍යයක්  ලෙසත්  ඉතා  දියුණු  චින්තනයක් ඔස්සේ  ගොඩ  නැගෙන්නක්  ලෙසත්  පරිකල්පනීයව  ඉදිරිපත්  කෙරෙන  අදහස්  ප්‍රවාහයක්  ලෙසත් දැක්විය  හැකි  බව  ද  රූපසිංහ  මහතා  පෙන්වා දුන්නේය.

IMG 20211109 WA0019
මහාචාර්ය,  විශේෂඥ  වෛද්‍ය  සංජීව  අනුරුද්ධ  සෙනෙවිරත්න  මහතා  ද  සභාව  ඇමතීය.  කොළඹ රාජකීය  විද්‍යාලයේ  වජිර  කැළුම්  පෙරේරා  සමග  එකම  පන්තියේ  ගත  කළ  කාලය  සිහිපත්  කළ මහාචාර්යවරයා  කියාසිටියේ  එකල  ජංගම  දුරකථන,  අන්තර්ජාල  සබඳතා  වැනි  විද්‍යුත්  සන්නිවේදන ක්‍රමවේද  නොතිබුණු  බවයි.  එය  පොත්පත්  කියවීමට  යොමුවීමට  හේතුවක්  වූ  බව  ද  මහාචාර්යවරයා සඳහන්  කළේය.  අනාගතය  පිළිබඳ  පුරෝකථනයක්  ලෙස  විද්‍යා  ප්‍රබන්ධ  හැඳින්විය  හැකි  බව  ද, බිත්තර  යුගයෙහි  අන්තර්ගත  ජාන  යුගල්  දහසකින්  සමන්විත  මානවයා  අනාගතයේදී  ඇතැම්විට යථාර්ථයක්  විය  හැකි  බව  ද,  සෙනෙවිරත්න  මහතා  පෙන්වා  දුන්නේය.

 

IMG 20211109 WA0013

මනෝ  විද්‍යා  උපදේශක,  පුද්ගල  හැකියා  සංවර්ධක,  ලේඛක  රුවන්  සමරසිංහ  මහතා  කියාසිටියේ නවක  ලේඛකයෙකුට  හෝ  මාධ්‍යවේදියෙකුට  ආරක්ෂාකාරීව,  උපක්‍රමශීලීව  හා  නිර්මාණශීලීව  භාෂාව භාවිත  කිරීමට  මාර්ගෝපදේශයක්  ද  බිත්තර  යුගය  විද්‍යා  ප්‍රබන්ධ  කෙටිකතා  සංග්‍රහය  ඔස්සේ  ලබා  දී ඇති  බවයි. 

ග්‍රන්ථය  එළිදැක්වීමේ  උළෙලට  පාර්ලිමේන්තු  මන්ත්‍රී  හර්ෂණ  රාජකරුණා,  ස්වර්ණවාහිනී  ප්‍රධාන විධායක  චන්දන  තිලකරත්න,  පුස්තකාල  හා  ප්‍රලේඛන  සේවා  මණ්ඩල  අධ්‍යක්ෂ  ඩබ්ලිව්.  සුනිල්, වර්තමානයේ  ලොව  වැඩිම  කලක්  පළමුපෙළ  ක්‍රිකට්  ක්‍රීඩා  කිරීමේ  වාර්තාව  හොබවන  සුවන්ජි මදනායක  මහත්වරු  ද  සහභාගී  වූහ.  

බිත්තර  යුගය  දිවයිනේ  ප්‍රධාන  නගර  රැසක්  වෙත  නොමිලයේ  බෙදාහැරෙන  අතර  අන්තර්ජාලය ඔස්සේ  ඇණවුම්  කළ  හැකිය.

 

IMG 20211109 WA0016

" බිත්තර යුගය " ජයලි යසෝරා සමරසිංහ දියණියට පිළිගැන්වීම

උත්සවයේ  තවත් අවස්ථා කිහිපයක්

IMG 20211109 WA0008

 

IMG 20211109 WA0015
 
IMG 20211109 WA0014