මෙවර බුකර් සම්මානය Damon Galgut ට

මෙවර බුකර් සම්මානය Damon Galgut ට

පොතට හිතැති සැමට වැදගත් සම්මාන උළෙලක් වන බුකර් සම්මානය මෙවර ශ්‍රී ලාංකිකයින්ට වාඩාත් වැදගත්. ඒ එහි අවසන් වටයේ කෙටි ලයිස්තුවට ශ්‍රී ලාංකික ලේඛක අනුක් අරුද්ප්‍රගාසම් ගේ නමත් ඇතුළත්ව තිබීම නිසා.

පසුගිය බදාදා (03) ලන්ඩනයේදී 2021 බුකර් සම්මාන උළෙල පැවැත්වුණා.

දකුණු අප්‍රිකානු ලේඛක  Damon Galgut මෙවර බුකර් සම්මානය හිමිකර ගත්තා. ඒ ඔහුගේ “The Promise” කෘතිය වෙනුවෙන්. 
දකුණු අප්‍රිකාවේ වර්ගවාදී ඉතිහාසය තුල අසාධාරණයට ලක්වූ පවුලක් මෙම නවකතාවේ වස්තු විෂය වී තිබෙනවා.


ඔහු මෙවර බුකර් සම්මානය හිමි කර ගැනීමට පෙර දෙවතාවකදීම අවසන් වටයේ කෙටි ලයිස්තුවට තේරී පත්වුණා. ඒ 2003 වසරේ ''The Good Doctor”  සහ 2010 වසරේදී “In a Strange Room”  යන කෘති වෙනුවෙන්.

කෙසේ වෙතත් මෙවර ඔහුට  පවුම් 50 000 ක  ත්‍යාගය සමඟ බුකර් සම්මානය ලබා ගැනීමට හැකිවුණා.

" මේ විශිෂ්ඨ මහද්වීපයේ සිටින ඇසූ සහ නොඇසූ ලේඛකයින්ගේ කියූ සහ නොකියූ කතා මම නියෝජනය කරනවා. මෙවර නොබෙල් සම්මානය හිමි කරගත් Abdulrazak Gurnah ද අප්‍රිකානු මහද්වීපයේම ලේඛකයෙක්.

තව බොහෝ කීමට තිබේ - දිගටම අපට සවන් දෙන්න "

යනුවෙන් සභාව අමතමින් Damon Galgut ප්‍රකාශ කළා.

ඔහු බුකර් සම්මානය හිමිකර ගත් තෙවන දකුණු අප්‍රිකානු ජාතිකයා වනවා.

සම්මාන උළෙලට  ශ්‍රි ලාංකික ලේඛක අනුක් අරුද්ප්‍රගාසම් ඇතුළු කෙටි ලයිස්තුවට තේරී පත්වූ සෙසු ලේඛකයින්ද සහභාගී වුණා. 

5000 1