රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

දිගු කාලීන රෝග තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (23) කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මියයන විට 64 වන වියේ පසුවිය.

මෙරට උසම සිනමා නිළිය ලෙසද හඳුන්වන ඇය 1982 වසරේ සිනමා දිවියට පිවිසියාය.

අනුරාධා, සුරදූතියෝ, සනසන්න මා, රන්දම්වැල්, සඳමඩල, සත්‍යා දේවි, ඇහැළේපොළ කුමාරිහාමි ආදී චිත්‍රපට 30කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ ඇය සරසවිය සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළිය සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු කුරුණෑගල දී අද (24) සිදුකිරීමට නියමිතය.