සාහිත්‍යය සඳහා වූ නොබෙල්  ත්‍යාගය ටැන්සානියානු ලේඛක අබ්දුල්රාසක් ගුර්නා ට

සාහිත්‍යය සඳහා වූ නොබෙල්  ත්‍යාගය ටැන්සානියානු ලේඛක අබ්දුල්රාසක් ගුර්නා ට

මෙම වසරේ සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ටැන්සානියානු ලේඛක අබ්දුල්රාසක් ගුර්නා( Abdulrazak Gurnah) ට පිරිනැමීමට ස්වීඩන ඇකඩමිය තීරණය කර තිබෙනවා.

යටත්විජිතවාදයේ බලපෑම් සහ සරණාගතයාගේ ඉරණම කෙරෙහි සම්මුති විරහිතව දයානුකම්පිතව සාහිත්‍යකරණයේ නියැලීම ඇගයීමට ලක් කරමින් 2021 වසර සඳහා අබ්දුල්රාසක් ගුර්නා ට  මෙම නොබෙල් ත්‍යාගය පිරිනමන බවයි සාහිත්‍යය පිළිබඳ නොබෙල් කමිටුව පැහැදිලි කර තිබෙන්නේ.

ඉංග්‍රීසි බසින් සාහිත්‍යකරණයේ නියැලෙන  ගුර්නා 73 හැවිරිදි වියේ පසුවෙනවා.

ඔහු නවකතා 10 ක් සහ කෙටි කතා ගණනාවක් රචනා කර තිබෙනවා. 1994 වසරේ දී ගුර්නා විසින් රචනා කරනු ලැබූ 'පැරඩයිස්' නවකතාව විචාරකයන්ගේ පැසැසුමටත් සම්මාන රැසකටත් පාත්‍ර වුණා. එම නවකතාවට පාදක වූයේ  දෙවැනි ලෝක යුද සමයේ නැගෙනහිර අප්‍රිකා රටවලට එල්ලවුණු යටත්විජිතවාදයේ බලපෑමයි.