'මැණිකේ' අපේ රටේ.. නව ගීයකින් ලොවේ පාවී !

'මැණිකේ' අපේ රටේ.. නව ගීයකින් ලොවේ පාවී !

 

' මැණිකේ මගේ හිතේ ' ගීතය සමඟ මේ දිනවල ලොව පුරා ජනාදරයට පත් යොහානි ද සිල්වා ට Siddat සිනමා පටයේ නිල තේමා ගීතයේ කාන්තා පිටපතට හඬ මුසු කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

ඉන්දියාවේ T Series සමාගමේ නිෂ්පාදනයක් වන Siddat සිනමා පටය ලබන මස පළමු වනදා සිට තිරගත කිරීමට නියමිත වන අතර එහි නිල තේමා ගීතය ගැයෙන්නේ ඉන්දියානු ගායන ශිල්පී මනන් භාරද්වාජ් විසින්.

යොහානිගේ හඬින් ගැයුනු කාන්තා පිටපත ඊයේ (28) Youtube 
අවකාශයට මුදා හැරුණා. මේ වන විට එය ඉතාම කෙටි කාලයක් තුළ නැරඹුම් වාර මිලියනය පසු කරමින් ශ්‍රී ලාංකික you tube දර්ශකයේ Trending No 01 වෙත පැමිණ තිබෙනවා.