තාමත් රැව් දෙයි හද බැඳි ගී නාදේ !

තාමත් රැව් දෙයි හද බැඳි ගී නාදේ !

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සහ ප්‍රවීණ ගායක, සංගීතවේදී සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.

69 වන වියේ පසුවූ ඒ මහතා covid වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලබා සිටි අතර, පසුව ඇතිවූ අපහසුතා හේතුවෙන් නැවත රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අද අලුයම අභාවප්ප්‍රාප්ත විය.

ජිප්සීස් සංගීත කණ්ඩායමට නායකත්වය දෙමින් මෙරට කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෙකු ලෙස දෙස් විදෙස්හි ජන හද දිනූ නාමයක් වූ සුනිල් පෙරේරා සංගීතයේ සමාජ මෙහෙවරද මනාව ඉටු කළ සංගීතඥයෙකු වේ.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පියල් පෙරේරා මහතා දන්වා සිටියි.