බැස නොයන ගුරු තරුව

බැස නොයන ගුරු තරුව

රංගන විෂයයෙහි විධිමත් මෙන් ම අවිධිමත් අධ්‍යාපනයෙන් සන්නද්ධව රඟ බිමෙහි සියලු අහුමුලු ස්පර්ශ කළ හේ නම් තරුව බැස ගොස් අදට වසරකි.

මනෝ ජය- ලත් තරුවකි. නොනැසෙන මිනිසෙකි. 'මනෝ' නම් මුද්‍රාව කිසිදු කිසිවිට කලාඹරෝරෙහි නොනිවෙනු ඇත.

මේ ඔහුගේ විශිෂ්ටත්වය ගැන වසරකට පෙර comrade.lk හි පලවූ සටහන් කිහිපයකි.

ජයලත් මනෝරත්න දශක ගණනාවක් තිස්සේ සිංහල කථාකරන රංග කලාව සහ චිත්‍රපටය පුරා පුළුල්ව පැතිරුණ දක්ෂ රංගන ශිල්පියෙකි. ඔහුගේ චරිත නිරූපණයෙන් බොහෝ දක්ෂතා ඇති මිනිසෙකු නිරූපණය වන අතර ප්‍රේක්ෂකයන් සමඟ සම්බන්ධ වීමට ඔහුට ඇති හැකියාව සහ වේදිකා චමත්කාරය පිළිබඳ ඔහුගේ ආකර්ෂණ ශක්තිය පෙර නොවූ විරූ විය. මනෝරත්න ශ්‍රී ලංකා සංස්කෘතික කර්මාන්තයේ රංගන හා නාට්‍ය ඉතිහාසයෙන් නික්ම ගොස් ඇත. වේදිකාවේ ඔහුගේ රංගනය හෝ ඔහුගේ චමත්කාරජනක තිර පෞරුෂය ඔහු නොමැතිව යළි ඒ හා සමාන නොවේ. ජීවිතය හා රංග ශාලාව අල්ප කාලික බවත්, වෙනත් ආකාරයකින් අප එය ආරක්ෂා නොකරන්නේ නම් කිසි විටෙකත් එහි මුල් ස්වරූපයෙන් ආරක්ෂා කර ගත නොහැකි බවත් ඔහු දැනටමත් ඔප්පුකර හමාරය. අද මෙම මිනී පෙට්ටියේ වැතිරී සිටින මනෝරත්නගේ නිහඩ මළ සිරුර ද මෙම විශ්වීය සත්‍යය සංකේතවත් කරයි. එබැවින් අපගේ කර්තව්‍යය වියයුත්තේ ඔහුගේ රංගන උරුමය සහ ඔහුගෙන් ඉගෙන ගත හැකි පාඩම් සහ අත්දැකීම් උපුටා ගැනීම සඳහා ඔහුගේ නාට්‍යමය දායකත්වය නැවත සලකා බැලීමයි. මෙම ජනප්‍රිය නළුවාට - අධ්‍යක්ෂවරයාට අපට දිය හැකි උපරිම ගෞරවය වන්නේ මෙයයි.

 
©️ ආචාර්ය සෞම්‍ය ලියනගේ
පරිවර්තනය - කපිල එම්. ගමගේ | 
 
සම්පූර්ණ ලිපිය-

https://comrade.lk/education/2020-01-16-13-17-39

 

ඔහුගේ කලාවේ පණිවිඩය සුන්දරය, සෞන්දර්යාත්මකය, මනුෂ්‍යවාදී ය. එහෙත් එය ඔහු වැනිම විශිෂ්ට කලාකරුවකුට ඉක්ම විය හැකි අභියෝගයකි.

මා දකින්නේ ඔහුගේ ජීවිතයේ පණිවිඩය ඔහුගේ කලාවේ පණිවිඩයට වඩා ප්‍රබල බවය. ඔහුගේ දේශපාලන හා සමාජ පණිවිඩය යනු ඔහුගේ ජීවිතයයි.

බිමල් රත්නායක තැබූ ෆේස්බුක් සටහනක් ඇසුරෙන් 

සම්පූර්ණ ලිපිය 

https://comrade.lk/latest-news/sri-lankan-fans-got-a-rare-opportunity-in-life-through-the-death-of-mr-manoratna

මේ සටහන අවසන් කිරීමට අප ගුරු තරුව වේදිකා නාට්‍යයයෙන් කොටසක් තෝරා ගන්නෙමු.

සටහන-සසංකා විතානගේ