ඔවුන් මට කීවේ ``කොරියන් ..රියා`` කියා ! කොරියාවයි සිනමාවයි ලංකාවයි !!

ඔවුන් මට කීවේ ``කොරියන් ..රියා`` කියා ! කොරියාවයි සිනමාවයි ලංකාවයි !!

මම ලේඛකයෙක් නෙමෙයි වුණත් මම හිතුවා මේක ලියන්න ඕන කියලා.

ඔස්කාර් සම්මාන උළෙල බලලා පුදුම සතුටක් දැණුනා. ඒ සතුටට හේතුව, Mr. Bong Joon-ho හොඳම චිත්‍රපටයේ සම්මානය ගැනීම.

මම සිනමාව හදාරන්න දකුණු කොරියාවට යන්නේ 2006. ඒ ගියාට පස්සේ, 2007 අග භාගයේ චිත්‍රපට කැමරාකරණයේ ප්‍රායෝගික වැඩමුළුවක් (cinematography practical workshop) තිබුණා. රූපගත කර අවසන් වුණු සිනමාපටයක් ගෙන, ( එය දකුණු කොරියාවේ ප්‍රදර්ශනය කර තිබුණු සහ විදෙස් ච්ත්‍රපට උළෙලවල් නියෝජනය කර අවසන් වූ එකක්) එහි පළමු විනාඩි 25 මා විසින් කැමරාකරණය කරන ලද්දේ නම්, කරන්නේ කුමන ආකාරයටද කියා පෙන්වීමට එම වැඩමුළුව මෙහෙය වූ අධ්‍යක්ෂවරයා කියා සිටියා. මා ඇතුළු සිසුන් හත්දෙනෙකු එහි සිටියා.

ඉතින්, Film එක බලලා ඉවර උනාම ``කොහොමද යකෝ මේක මම කරන්නේ`` කියල.. මට හිතාගන්න බැරි වුණා.

චිත්‍රපටය Memories of Murder. ඩිරෙක්ටර් Bong Joon-ho.

ඔහු මා ඉගෙනගත් ඇකඩමියේ 1990 ඉගෙනගත් කෙනෙක්.) ඔහුගේ සිනමාවට සම්බන්ධ බොහෝ දේවල් හදාරන්න අපට අවස්ථාව ලැබුණා. ඒ ගැන මට අද සතුටක් තියෙනවා.

2008 ලංකාවට ආවම සිනමාවේ සහෝදර ශිල්පීන් කීපදෙනෙක් හමුවුණා. මගෙ අත්දැකීම් බෙදාහදා ගන්න ගියේ ඉතාමත් කැමැත්තකින්. ඒත් ඔවුන් මට කීවේ කොරියන් ..රියා කියා. සිනමාව උගන්වන මිනිසුන්ද හමුවුණා. ඔවුන් ඇහුවා කොරියාවේ මොන සිනමාවද කියා. ``මොකෙක් ද අර මේ kim ki duk ඇරෙන්නට`` ඔවුන් එහෙමයි කිව්වේ. සිනමා පාසලෙන් මට ලැබුණු Digital cinema book එකක් මා දන්නා සිනමා ශිල්පියකුට දුන්නා අධ්‍යයනය කරලා දෙන්න කියලා. ඔහු ඒක නැති වුණා කිව්වා.

අපි සිනමාව ගැන පුළුල්ව විවෘත මනසකින් බලන්න ඕන. සටකපටකම් කිරීමෙන් සිනමාවටත් කෘතියටත් වෙන්නේ අවමානයක්.

ඔස්කාර් යන්න නම්, අපිහැමෝම අවංකව අපි කරන වැඩේ කරන්න ඕන. සිනමාව තුළ තක්කඩිකම් කරන තාක් කල් අපිට ඔස්කාර් සිහිනයක් පමණයි !

| කාලිංග දේශප්‍රිය | සිනමා කැමරා අධ්‍යක්ෂ |

kalinga01