සඳවතක මව්වත්කම ගැන බන්ධුමය මතකය 

සඳවතක මව්වත්කම ගැන බන්ධුමය මතකය 
සදාදරණීය චන්ද්‍රක්කේ ......!
ඊයේ ගල්කිස්සේ ආදාහනාගාරේ ඔබ පහන් ලොවකට හැරලල ඔබගෙ වදනින් හඳුන්වන "අපේ ලක්ෂ්මන් " අමා , විහඟ සහ ඔබේ අලුත් පුතා විමල් වගේම මහා සෙනගක් එක්ක කලා පුරේ ඔබේ නිවන්නෙට ඇවිත් වෙනදා මෙන් ඔබ 'නොඉවූ ' බත අනුභව කරල රෑ දෙගොඩහරිය වෙනතුරු ඉඳල එළිවෙන්න කිට්ටුව දෙවිනුවර ගෙදරට ආව ...
මට ජීවිතයක් තිබ්බෙ ඔබ අන්තිමට නිවැසූ කලා පුරේ නොවෙයි..
නාරාහේන්පිට , අභයාරාම පාරේ , නොම්මර 35 හැරල්ඩ් අය්යලගෙ ගේ ඉස්සරහ ලා කොළ පාට ගෙදර සිරියාවන්ත උඩ තට්ටුවෙ මට ජීවිතයක් තිබුන. ඒ ගෙදරදි මොන තරම් දේ මම කියන්න , ලියන්න ඇත්ද ? කොච්චර කෑම කාල ආව කීවත් , ටිකක් වෙලා යන්න ඇරල ඔබ කුස්සියෙ රවුම් මේසෙ මොනවාදෝ කපනව.
'සාලෙ හිටපං ' ඔබ මොනවද කරන්නෙ කියල බලන්න එද්දි ඔබ මාව එලවනව.
ඔබ සලාදයක් හදල විනාඩියට. ඒකෙ නානාප්‍රකාර එළවලු , සලාද , රවුම් පිඟන් මැටි දීසිය වැහී යන්න දේවල්. කිරිවාගේ dressing ද මොනවද මන්ද ඒකෙ හොවල ! දිව්‍ය ලෝක රසයි.
ඔබ තරම් රසවත්ව කතා කියන්න රුසියක මා දැක නෑ.
කිසි දෙයකට ඔබ කලබල උනේ නෑ ....නිතරම නිසංසලේ දෙයක් අහන්න ,කියන්න විතරක් නෙමේ විසඳන්න ඔබ කැප උනා.
ලකී අය්ය එක්ක මොකක් වාදෙකට පැටලිලා , අමිනිල යනකොට ,එක පාරයි ඔබ සාලෙට එන්නෙ
"මෙන්න මෙහෙට ඇවිත් හිටපං , වාද කරන්න යනව මෙතන "
වාදෙත් ,සද්දෙත් දෙකම ඉවරයි
ඇතැම් දවස් වල , ඒ කාලෙ කලා ක්‍ෂෙත්‍රයෙ හරි , පුද්ගලික දෙයකදී ඔබ මට කතා කරන TONE එක වෙනස් ම වෙනස්. මහා රහසක් කියන්න වගේ ටෙලිෆෝන් එකෙන් ඒක කියන්නෙ. මං දන්නව සමහර දේවල් රහස් නොවුනට , සාමාන්‍ය දේවල් උනාට ඔබ කාටවත් නෙමෙයි මටමයි කියන්නෙ ...මූණට කිසි දවසක වර්ණනා නොකරන ඔබ ලකී අයය ගැන කියපු වර්ණනා මතක් වෙනකොට මට දරාගන්න බෑ අක්කෙ ..හැම වර්ණනයක්ම පටන් ගන්නෙ "අපේ ලක්ෂ්මන් ඉන්නව නේද බන්ධු ..." එහෙමයි..
ඇතැම් වෙලාවට පඩි නැගල ඒස්සනියෙන්ම ගොඩවන ලකී අය්යට බනින්න වුනොත් නාට්‍යක වගේ තත්පරෙන් සීන් එක වෙනස් කරල නෝක්කාඩු මුසුප්පු මූණ දාල බනිනව ආයේ එයා ගියාම "ඉතින් බන්ධු ලක්ෂ්මන්ගේ හොඳේ තියෙන්නේ ..." කියල ආයේ පටන් ගන්නව.
මම රැයක අරුණලු ඒකාංගික ටෙලිය ලියූ වෙලාවෙ ඔබ සතුටු වුන හැටි මට තාම මතකයි
ඔබ වැනි තිර පිටපත් එපා වෙන්න කියල , කරපු කෙනෙකුගෙන් මං මොන තරම් හොඳට ලීවත් එහෙම උද්යෝගී ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ සාමාන්‍ය සොබාවෙ , ඒත් ඔබ එහෙම උනේ නෑ .
මම විලම්බීත ප්‍රසාංගික ටෙලි මාලා නාටකය ලීවෙ ලකී අය්යගේ ඉල්ලීමට වගේම ඔබෙන් පෙර කී රචනයට ලද නිර්මල ආගණනය නිසා උරුම වූ උද්දාමයෙන්. මම ඔබට චන්ද්‍ර වෙනුවට "සඳා" කියල ලීලෙ පාල දෙබසක් කීවම ඔබ මාව හොල්මන් වෙන්න නාට්‍යමය අයුරට පිළිතුරු දෙබසක් කීවම මං ඉවරම වෙලා යනව.
විලම්බීත shooting cancel වුනු දවසෙ ඔබ නුවර අනිවත්තෙ lodge එකේ මොන තරම් අපිව මිහිරෙන් තිබ්බද ?
වෙලාවක් යද්දී ඔබ මට අඬ ගහල හිමින් කියනව
" බන්ධු ...ඔයාගේ නරක වැඩක් තමා වික්‍රමසිංහ මහත්තයාගේ පොත් කියවල සමහර පොත් අයින් කරන එක , මං උඹට මේ ලේඛකයගෙ පොත් කොච්චර කියවන්න දෙන්න හැදුවද ? කොහෙද ..මේ අද නං හොඳ ළමය වගේ මේ පොත කියවන්න ඕනේ හරිද ?"
මට ඇත්තටම ඒ ලේඛකයගෙ පොත් කියවන්න මර කම්මැලියි, චන්ද්‍රක්ක හරි ආසයි..
මං කියවන්න හදල හදල බැරි තැන "අනේ මට කම්මැලියි චන්ද්‍රක්කේ " කියා ඔබට පොත දෙනවා
මූණ තරහ කරලා චරිතෙක වගේ "බක පණ්ඩිතය , පලයන් යන්න " කියල මාව එලවනව
ආයෙත් මතක නැතුව බන්ධු වැඩක් දන්නවද කියල සාලෙට එනව.
රූපගත කිරීමකට ගියාම හවසට හැලප හරි මොනවා හරි කැවිල්ලක් දෙකක් එක්ක තේ ලැබෙන්නෙ ඔබ ඉන්නකොට
හැමදේම හොයනව production එකේ කෙනෙක් වගේ
හැමෝගෙම ආරක්ෂාව නිතර ඔබ සාක්ෂාත් කල ආචාරශීලී අම්ම කෙනෙක්
මගේ දරුවන්ට විතරක් නෙමේ සුභාෂිනීටත් චන්ද්‍රක්ක සැළකුවේ දුවකට වගේ
ලකී අය්ය ඔබව ගෙදර එක්කරන් යන්න කියපු දවසට මට මහා ආඩම්බරයක් දැනුන චන්ද්‍රක්කේ ...!
මොකද මං දන්නව ඔබටත් ඔබේම මල්ලි එක්ක යන උජාරුව තියෙන බව ....
රෑ එකට කිට්ටු වෙලා ..නතර වෙන්නෙ නැති මේ ලිවිල්ල හරි පුදුමයි චන්ද්‍රක්කේ !
ධාරානිපාත මහා අසනිපාත වැස්සෙ අවමඟුල දවසේ ඒ මොහොතට ආපු සෙනඟ කන්දරාව සපථ කළා ඔබේ මනුස්ස කොම
ඔබට පුදුම රුචිකත්වයක් තිබුන
උපාධි දහසකින් වත් ගන්න බැරි 'පරිචයක් ' ඒක
හරි සියුම් රසයක් තිබ්බෙ ඔබට
සේරටම වඩා ඔබේ විහිලු ..!
SENSE OF HUMOR කියල හඳුන්වන දේ ඔබේ තිබ්බේ උපරිම තලයේ
හිනාවෙන්න ඕන කොතනටද වඩා හිනා නොවෙන්න ඕන කොතනද කියල ඔබ දැන සිටිය
රැයක අරුනලු අපි කලේ මීදෙනිය වලව්වේ
මහා රෑ හමුදා පුතා නත්තලට එනතුරු නිදිවරා සිටි අම්ම පුතුගේ බූට් සද්දෙන් නැගිටින්න තිබ්බේ
දර්ශනේ කරන්න ගිහින් තිත්ත වෙලා තිබ්බේ ආලෝක වැනි technical ප්‍රශ්නයක් නිසා
ඉතින් පාන්දර 3 ට විතර ආයෙ take එකකට ගියා
පාලිත සිල්වා එනවා
අම්මට ඉන්න ඔබ හාන්සි පුටුවේ නිදි
ඔබ ගොරවනවා
ලකී අය්ය සඥා කරනව ගෙරවිල්ල නියමයි කියල
පාලිතගේ බූට් සද්දෙ ඇහෙනවා
ඔබ ගොරවනවා
තදින් බූට් එක ගහනවා
ඔබ ගොරවනවා , නැගිටින්නෙම නෑ
ලකී අය්යට ජුවල් ඇයි යන්තං take එක නියමෙට ආව , තවත් play කරන්න බෑ , ඔබ ගොරවනවා
C U T
ලකී අය්ය ඉස්තෝප්පුවට පනිද්දී ඔබ ඇහැරෙනවා
"මොකද්ද චන්ද්‍ර කලේ ? "
සේරම බලා ඉන්නව මොනව වේද , ඔබ මොනවා කියාද කියල
ඔබ ඇස් ඇරලා හොඳ සිහියෙන් දෙබසක් වගේ කියනවා සන්සුන්ව
" උදේ 3 ත් වෙලා ගොරව ගොරව නින්ද නොගියොත්නේ ලක්ෂ්මන් පුදුමේ ..
අපි ආයෙ එකක් ගමු නේද අයේෂ් ...? "
මොන තරම් අවස්ථාවෝචිත ගැහැනියක්ද ඔබ ....
ලකී අය්ය අන්තිම තත්පරේ වෙනතුරු ඔබ ළඟ හිටිය, පුංචි දරුවෙකුට වගේ ආස දේ අහ අහ හදල දුන්න අමා , විහඟ, බෑණනුවන් ඔබව අන්තිම ඩෙල්ටා ප්‍රමාණයට බලා ගත්ත , ඔබ සුවෙන් තැබුවා.
අන්තිමට මං ඔබ බලන්න ආවේ ඔක්තෝබර් 6
එදා ඔබ හොඳට හිටියත් විපිළිසර බවක් තිබුනා
විමසුම් නෙතින් , කුතුහලයෙන් ඔබ හිටියේ
මොකද්දෝ අමුත්තක් දැනුනත් මේ තරම් ඔබ ඉක්මන් වෙයි කියා හිතුනේ නෑ
ඔබ නැතිවෙලා විනාඩි 20 ක් යද්දී මම කලාපුරේ
සෙනසුරාද ගෙදර එනකොට ලොකු දූට හොඳටම උණ ...
කෙල්ලො දෙන්නටම යන්න ඕනෙලු
ලොක්ක , සුදු පුතා ඔබ දකින්න එන ගමන හයි වේ එකේදී කියනවා 2002 දෙසැම්බර් සිදුවීමක්
එතකොට කෙල්ල 5 පංතියේ , කටු අකුලේ නටන්න හිටිය ඈ..
දෙවැනි දුව තරුට අවරුදු 2 ඉවරයි
"තාත්තේ අපි චන්ද්‍ර නැන්දලගේ ගෙදරින් අමා අක්කයි සුවිනි නැන්දයි එක්ක rehearsal එද්දි චන්ද්‍ර නැන්ද පොඩි පෙට්ටියක කව්පි , ලුණු මිරිස් , පොල් එකට කවලම් කරල බෑග් එකක දමල මට දුන්න , දීල චන්ද්‍ර නැන්ද කීව
"සුදු පුතා මේක තාත්තට ගිය ගමන් කන්න දෙන්න , කඩවල් වල පානුයි , පිටියි කාල ඔයපාර ගැස්ට්‍රයිටිස් හදා ගනීවි show එකට " තව කියන්න ගිහින් ඈ නතර වෙනව..ඈ අඬනව . වාහනේ වීදුරුවෙන් පෙන වැස්ස එක්ක දුවගෙ කඳුළු වෙනම පෙන්නේ නෑ , මාත් අඬනව චන්ද්‍රක්කේ ....
ඒත් ඔබ හිනාවෙන් ...අප ගැන දුකෙන්
ඔබ නිරයෙන් ගොඩවුනා
දෙව්ලෝ ගියා
අපි නිරයේ තනිවුනා , එච්චරයි
මට නිදිමත එනව චන්ද්‍රක්කේ ...
කියාගන්නම බැරි දේ අන්තිමට ලියන්නම්
නාරාහේන්පිට අභයාරාම පාරෙ සුන්දර උඩ තට්ටුවෙ ලා කොළ පාට දිලිහෙන පිරිසිදු ටයිල් පොළොවෙ සිහින් මෙට්ටෙ එලල
සුදු බෙඩ් ශීට් එක දමල , සුදු කොට්ට දෙක තියල ඔබ මාව නිදි කරනවා
ඉවසන්න බැරි දුක එන්නේ දැන්
රෑ අවදි වෙලා බලනකොට ඔබ මගේ කකුල් දෙකටත් කොට්ට දෙකක් තියල, මට නින්ද ගියාම !
"පුදුම සැපයි නේද බන්ධු කකුලට කොට්ට තිබ්බම " උදේ දුම් දමන තේ එක රැගෙන ඔබ අහනවා
මේකටද " මව්වත් " කොම කියන්නෙ චන්ද්‍රක්කේ ...?
පිළිතුරු දෙන්න අඩු ගානේ ඔබ තියා ඔබේ නංගි තිලක අක්කවත් නෑ ?
ඔබේ මුහුණ තියෙන සොහොයුරියන්නෙ පින්තූර පොඩි දුව තරුවී ගත්ත
ඒ මූණු වල ඔබ පේනවා චන්ද්‍රක්කේ
ඔබේ ආදරය , දයාව , මනුස්සකොම "අල්පේච්චතාව " ළඟ අපි නිරුත්තරයි චන්ද්‍රක්කේ .....!!!
ආදරණීය මල්ලි
බන්ධු බන්ධු
(ඔබ ආදරේට එහෙමයි දෙපාරක් කියනව )
| බන්ධුල නානායක්කාරවසම් මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි |