'අංගුලිමාල සුළඟ' හමා එන දවස 13

 'අංගුලිමාල සුළඟ' හමා එන දවස 13
කසුන් සමරතුංග රචනා කළ 'අංගුලිමාල සුළඟ' කාව්‍ය සංග්‍රහය එළැඹෙන ජනවාරි 13 වන සඳුදා දින සහෘදගත වන්නට නියමිත ය. කොළඹ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී එදින සවස 3.00ට ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයෙහි කටයුතු ආරම්භ වේ. විමල් කැටිපෙආරච්චි සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ආරාධිත දේශන පැවැත්වීමට නියමිත අතර ළහිරු කිතලගම සභාව මෙහෙයවනු ඇත. මීට පෙර 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය සහ 'විත අස පත' තීරු ලිපි සංග්‍රහය රචනා කළ කතුවරයා ගේ තුන්වන සාහිත්‍යමය ප්‍රයත්නය මෙය වෙයි. මිල රු: 200.00 ක් වන 'අංගුලිමාල සුළඟ' KSP ප්‍රකාශනයකි.