"දේව මනුස්සානං" මාර්තු 07 වනදා

"දේව මනුස්සානං" මාර්තු 07 වනදා

ගුවන්විදුලි නිවේදිකාවක සහ හඬ කැවිම් ශිල්පිනියක වන නදීශා නාරංගොඩ ගේ කුළුඳුල් නව කතාව "දේව මනුස්සානං" , බුක් රැක් ප්‍රකාශන සමාගමේ ප්‍රකාශනයක් ලෙස මාර්තු මස 07වනදා සවස 2.00ට රාජගිරිය නාවල පාරේ "ද රීඩින් කැෆේ බයි බුක් රැක්" පරිශ්‍රයේදී එළිදැක්වේ. 

ආදරය, හුදකලාව, භීතිය, අද්භූතබව අතර මිනිස් මනසේ විචල්‍යබව කියන නවතම මානයක නවකතාවක්  ලෙස "දේව මනුස්සානං" පාඨකයාට ඉදිරිපත් කෙරේ. 
පොතපතට ලැදි සහෘද එකමුතුවෙන් සුන්දරවන සවස්‍ යාමය, ප්‍රවීණ ලේඛක සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය සුසිත රුවන්ගේ  "මිනිස් ජීවිත මුලුමනින්ම ව්‍යාකූල කරනා මානසික පීඩනයට සාහිත්‍ය තුළින් ලැබෙනා සහනය" යන තේමාව යටතේ සිදුකරන කෙටි දේශනයෙන් සහ ප්‍රවීණ ලේඛක දිලීප ජයකොඩි මහතාගේ "වර්තමාන ග්‍රන්ථකරණයේ පිරවිය යුතු හිස්තැන් සහ ඇතිවිය යුතු ප්‍රවණතා" යන තේමාව යටතේ සිදුකරන කෙටි දේශනයෙන් සමන්විත වෙයි.