දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා යුපුන් අබේකෝන් !

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා යුපුන් අබේකෝන් !

ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදී දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වී තිබේ. මීටර් 100 ධාවන තරග ඉසව්වේ තත්පර 10 යි දශම 1 යි 6 ක කාලයක් සටහන් කරමින් නව වාර්තාවකින් යුපුන් අබේකෝන් එම තරගය ජය ගෙන තිබේ.

මීට පෙර මීටර් 100 ඉසව්වේ දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්වූයේ හිමාෂ ඒෂාන්. ඔහු 2016 වසරේ ඉන්දියාවේ ගුවාතිහිදී පැවැති 12 වැනි දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේදී තත්පර 10 යි දශම 2 යි 2 ක කාලයක් සටහන් කරමින් එම වාර්තාව තබා තිබේ. කෙසේවෙතත් යුපුන් අබේකෝන් ජර්මානු ශූරයා වන ඩෙනිස් අල්මාස් අභිබවමින් නව වාර්තාවක්ද සමගින් තරඟය ජයගත් අතර ඩෙනිස් අල්මාස්ට හිමිවුයේ දෙවැනි ස්ථානයයි. ඔහු සටහන් කළ කාලය තත්පර 10 යි දශම 1 යි 8කි. ජර්මනියේ මයිකල් ෆෝල් තුන්වැනි ස්ථානය දිනා ගත්තේය.