T 20 අවසන් තරගයට නවසීලන්තය

T 20 අවසන් තරගයට නවසීලන්තය

අද  පැවති T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන්   එංගලන්තය පරදා කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා
තරගයේ කාසිය වාසිය දිනූ
නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායම ආරාධනා  කළා.

ඒ අනුව, එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් රැස් කළා.

පිළිතුරු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් තුළ ජයග්‍රහණය වාර්තා කළා.

ඒ අනුව ලෝක කුසලාන අවසන් තරගයට නවසීලන්තය සුදුසුකම් ලබන අතර දෙවන අවසන් පූර්ව තරගය හෙට ඔස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතයි.