පකිස්ථානය තුළදී පකිස්ථානය පරදී !

පකිස්ථානය තුළදී පකිස්ථානය පරදී !

පකිස්ථානය සමඟ පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය පරාජය කොට තරග 3ට 0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි විය. ඊයේ (09) ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති තුන් වැනි සහ අවසන් 20 යි 20 තරගයෙන් ලකුණු 13 කින් ජය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 64කින් ද දෙවැනි තරගයෙන් ලකුණු 35කින් ජය ගත්තේ ය.

මෙවර නවක ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ 20යි 20 තරගාවලියකින් පාකිස්ථානය තම රට තුළදීම පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙය වන අතර 20යි 20 තරගාවලියකින් පකිස්ථානය පරාජයට පත් කළ පළමු කණ්ඩායම ලෙස ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව ඉතිහාසයට එක් විය.

UntitledUntitled2