LPL කුසලානය ජැෆ්නා කිංග්ස් ට

LPL කුසලානය ජැෆ්නා කිංග්ස් ට

දෙවන වතාවටත් LPL කුසලානය හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ අද ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කරමින් 2021 LPL 20/20 කුසලානය දිනා ගැනීමත් සමඟයි.

පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු  201ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට රැස්කල හැකිවූයේ ලකුණු 178 ක් පමණයි.