LPL අවසන් සටන ඇරඹෙයි

LPL අවසන් සටන ඇරඹෙයි

ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දී ආරම්භ වුණා.

ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර යි.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කාසියේ වාසිය දිනාගත් අතර පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

පසුගිය වසරේදී ද අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා කණ්ඩායම් සමත් වු අතර ඉන් ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළා.