LPL ඇරඹෙයි

LPL ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් සැණකෙළිය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා.

එහි සමාරම්භක උත්සවය අද පස්වරු 6.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.

තරගාවලිය නිල වශයෙන් ආරම්භ වන බව නිවේදනය කළේ පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත විසින්.

කලම්බු ස්ටාර්ස්, දඹුල්ල ජයන්ට්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි වොරියර්ස් යන කණ්ඩායම් 5 මෙවර තරගාවලිය සඳහා එක්ව සිටිනවා.

තරගාවලියේ පළමු වටයේ තරග සියල්ල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර අවසන් වටයේ තරග සහ අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා ප්‍රේක්ෂකාගාර ධාරිතාවයෙන් සියයට 50ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහභාගී කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් 23වැනිදා පැවැත්විමට නියමිතයි.