කුසල්ට ඇප !

 කුසල්ට ඇප !

අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06) අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ(05) අලුයම ඔහු අත්අඩංගුවට ගැනිණි.

ඊයෙ (5) උදෑසන 5ට පමණ පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී  මෙම රිය අනතුර සිදුව ඇති අතර ඔහුගේ ජීප් රථයේ ගැටී 64 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මොරටුවේ සිට පානදුර දක්වා යමින් සිටියදී හොරෙයිතුඩුව 13 කණුව අසල දී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. අනතුරින් මියගියේ පානදුර , ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි තිදරු පියෙකි.