කුසල් මෙන්ඩිස් අද අධිකරණයට !

කුසල් මෙන්ඩිස් අද අධිකරණයට !

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී සිටින ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද(06) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

ඊයෙ (5) උදෑසන 5ට පමණ පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී  මෙම රිය අනතුර සිදුව ඇති අතර ඔහුගේ ජීප් රථයේ ගැටී 64 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මොරටුවේ සිට පානදුර දක්වා යමින් සිටියදී හොරෙයිතුඩුව 13 කණුව අසල දී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. අනතුරින් මියගියේ පානදුර , ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි තිදරු පියෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ කුසල් මෙන්ඩිස මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටින බවය.