ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් කළේ ඉන්දියාව නෙමෙයි ! - හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් කළේ ඉන්දියාව නෙමෙයි ! - හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්ථාන තරඟ සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ඉන්දීය ක්‍රිකට් පරිපාලකයින් විසින් පකිස්ථාන සංචාරය සඳහා සහභාගී නොවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් එල්ල කර ඇති බව පකිස්ථානයේ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් හූසේන් චෞද්රි සිය ටුවිටර් ගිණුම මගින් දක්වා ඇති අතර තමන් පෞද්ගලිකව හඳුනන ජාත්‍යන්තර විස්තර විචාරකයින් මේ පිළිබඳව තමන්ව දැනුවත් කළ බවත් මෙම ක්‍රියාව තරයේ හෙළා දකින බවත් ඔහු සඳහන් කර ඇත.

මෙම වාර්තා අසත්‍ය බව පවසමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් ගිණුම මඟින් කියා සිටියේ ඇතැමුන් 2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සංචාරයට එක් නොවන බවට දැනුම් දී ඇති බවයි. ඔවුන්ගේ තීරණයට ගරු කරමින් පාකිස්ථාන තරඟ සංචාරයට එක්වීමට කැමති ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශක්තිමත් සංචිතයක් මේ වන විට සකස් කර ඇති බවත් පකිස්ථානයේදී එරට ක්‍රීඩකයින් පරාජයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

TheGossip FB Post Template750x390 8