අකිලට නැවතත් ICC රතු එළි !

අකිලට නැවතත් ICC රතු එළි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවතත් සැකසහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC ) පවසයි. ICC යේ නිල ට්විටර් ගිණුම ඔස්සේ නිකුත් කළ ට්විටර් පණිවුඩයක් මගින් මේ පිළිබඳව වාර්තා කර ඇත.

ඒ අනුව නීත්‍යානුකූල නොවන පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව වාර්තා වූ දිනය වන අගෝස්තු 18 වන දින සිට දින 14 ක පරීක්ෂණ කාලයකට යටත් වන අතර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ජාත්‍යන්තර ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමට අකිලට අවසර හිමිවේ.

පසුගිය වසරේ ද අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට තහවුරු වීම නිසා ICCය විසින් අකිලට තරග තහනමක්ද පනවනු ලැබුණි. 25 හැවිරිදි ධනංජය, තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අතර, මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6 කට පමණක් ක්‍රීඩා කර ඇති අතර, කඩුලු 33 ක් දවා ගනිමින් 24.81 ක සාමාන්‍ය අගයක් රඳවාගෙන සිටියි.

මේ අතර නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ද ICCය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.