චාමර කපුගෙදර ක්‍රීඩාවට සමු දීමේ තීරණයක !

චාමර කපුගෙදර ක්‍රීඩාවට සමු දීමේ තීරණයක !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. අවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදරට 2006 වසරේදී ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස වරම් හිමිකරගැනීමට හැකි විය. මේ වන විට 32 හැවිරිදි වියෙහි පසුවන චාමර ටෙස්ට් තරග 8කදී, එක්දින තරග 102කදී හා විස්සයි20 තරග 43කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති දක්ෂ ක්‍රීඩකයෙකි. 2009 වසරේදී අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔහු අවසන් අවස්ථාවට සීමිත පන්දුවාර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2017 වසරේදීය.