අකිල ඉන්දියාවට !

අකිල ඉන්දියාවට !

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයකට මුහුණ දීම සඳහා අද (28) ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පරිපාලන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න ද ඒ සඳහා සහභාගී වීමට නියමිත ය.

පසුගිය 18 වැනිදා නවසිලන්තයට එරෙහිව ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් තරඟයෙ දී අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බව පවසා විනිසුරුවරුන් විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කර තිබූ අතර ඔවුන් පැවසුවේ දින14 ක් ඇතුළත පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් අකිල ධනංජය පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතු බවත් ප්‍රතිඵල ලැබෙන තෙක් ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන බවත් ය. අකිල ධනංජය ටෙස්ට් තරඟ 6 කදී කඩුලු 33 ක් ද, එක්දින තරඟ 36 කදී කඩුලු 51 ක් ද දවාගෙන ඇති අතර පන්දුවාර විස්සයි විස්ස කඩුලු 16 ක හිමිකරුවෙකු ද වේ.

අකිලට නැවතත් ICC රතු එළි !