අකිල වෙනුවෙන් නව පුහුණුකරුවෙක් !

අකිල වෙනුවෙන් නව පුහුණුකරුවෙක් !

පන්දු යැවීමේ විලාසය නීති විරෝධී යැයි තහවුරු වූ වසරක තරඟ තහනමකට ලක්ව සිටින ශ්‍ර්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය වෙනුවෙන් නව පුහුණුකරුවෙකු යෙදවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියි. එහි ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියා සිටියේ අකිලගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කර ගැනීමට නිවැරදි පුහුණුවක් ලබා දිය යුතු බවත් ඒ වෙනුවෙන් නව පුහුණුකරුවෙකු යෙදවීමට බලාපොරොත්තු වන බවත්ය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අකිල ධනංජයට පැනවූ තරඟ තහනම 2020 අගෝස්තු 29 තෙක් වලංගු බවත් එහි කාලය අඩු කරගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කළ යුතු බවත් පැවසූ අසන්ත ද මෙල් තම මතය ඉදිරිපත් කරමින් වැඩිදුරටත් කියා සිටියේ අකිල ධනංජයට දී ඇති වසරක තරඟ තහනම පිළිගෙන ඉදිරියට කටයුතු කළ යුතු බවයි.