පොදු රද මඩොලු ක්‍රීඩා සැනකෙළිය ඇරඹෙයි

Previous Next

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල” එංගලන්තයේ Birmingham හි Alexander ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

චාල්ස් කැමිලා යුවලගේ ප්‍රධානත්වයෙන් ඇරඹි උළෙලට නොබෙල් සාම ත්‍යාගලාභිනි Malala Yousafzai එක්වූ අතර ඇය අධ්‍යාපනයේ වැදගත්කම ගැන දැනුවත් කිරීමක් කළා. එසේම අතර LGBTQ+ අයිතීන් ගැන දැනුවත් කරමින් කිමිදුම් ක්‍රීඩක Tom Daley ද සමාරම්භක උත්සවයට සහභාගී වුණා.

යකඩ හා යාන්ත්‍රික කර්මාන්තවලට ප්‍රචලිත Birmingham වල හා පොදුරාජ්‍ය මණ්ඩලයේ බහු සංස්කෘතික බව පෙන්නුම් කිරමින් නිර්මාණය කර තිබූ යාන්ත්‍රික ගවයෙක් උත්සවය වර්ණවත් කළා.

රටවල් 72 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවක් 6500 ක් පමණ මෙවර තරගාවලියට සහභාගී වන අතර ක්‍රීඩා උළෙල ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

අද පැවැත්වූ ක්‍රීඩා ඉසව් අතරින් ශ්‍රී ලංකා සහභාගීත්වය මෙසේයි

• කේවල සහ කණ්ඩායම් ජිම්නාස්ටික් මුලික වටයේ තරග සඳහා ශ්‍රී ලංකාවේ රුචිර ප්‍රනාන්දු සහ ගයාෂාන් කුමාර සිංහගේ එක්ව සිටියා.

• ගයාෂාන්ගේ පාදයේ හටගත් ආබාධයක් හේතුවෙන් ඔහු තරගයේ ඉවත් වූ අතර රුචිර ප්‍රනාන්දු මේවන විට 3 වැනි ස්ථානයේ පසුවනවා.

• මීටර් 50 සමනළ ආර පිහිණුම් ඉසව්වේ මුලික වටයේ සිව්වැනි තරගයේදී අකලංක පීරිස් තරග බිමට පිවිසි අතර තත්පර 24යි දශම 89කින් තරගය අවසන් කරමින් ඔහු දෙවැනි ස්ථානය දිනාගත්තත්, අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබා ගන්නට හැකිවුණේ නැහැ.

• සත්සාමජික රග්බි මුලික වටයේ තරගයේදී  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්තය හමුවේ ලකුණු 50 0ක පරාජයක් ක් ලැබුවා.

• ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නවසීලන්තය සමඟින් තරග වැදුණු අතර එහිදී ඔවුන් පරාජය වුණේ ලකුණු 53ට 05ක් ලෙසින්.

එහිදී උත්සාහක දිනුමක් වාර්තා කළ තරින්ද රත්වන්නේ වාර්තා පොත් අතරට එක්වුණේ නවසීලන්තයට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක දී උත්සාහක දිනුමක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසටයි.