කොදෙව් සටනින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් !

කොදෙව් සටනින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් !

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට අද  ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ, දෙරට අතර පැවති, දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 164 කින් ජය ගනිමින්.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී රැස් කළ ලකුණු 204 ට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 253 ක් රැස් කළා.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9 ක් දැවී ලකුණු 345 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය වුණා.

ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි වූ  ලකුණු 297 ක ඉලක්කය සඳහා එම කණ්ඩායමට  සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 132 ක් පමණයි.

මෙම තරගය මිකී ආතර් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරගය බවටද පත්වනවා.