ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකා - කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ අද දිනයේත් වර්ෂාව නිසා පන්දු වාර ගණනාවක් අත්හැර දැමීමට සිදුවවුණා.

අද දිනය සඳහා තරගය ආරම්භ කරනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් රැස්කරගෙන සිටි අතර අද සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 204ක් පමණයි.

අද දිනයට තරගය අත්හිටුවන විට කොදෙව් පිල පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් රැස්කරගෙන සිටිනවා.