අද ශ්රී ලංකාව හා සීශෙල්ස් කණ්ඩායම අතර පැවැති අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයේ ජය සීශෙල්ස් කණ්ඩායමට හිමිවුණා.
ශ්රී ලංකා කණ්ඩායම 75 වන මිනිත්තුව වන තුරු ගෝල 3-1 ලෙස පෙරමුණේ පසු වුව ද අවසන් මිනිත්තු කිහිපයේදී සීශෙල්ස් කණ්ඩායම ගෝල 3-3 ලෙස සම කිරීමට සමත් වූ අතර
තරගයේ ජය දඬුවම් පහරින් තීරණය වුණා.
ඒ අනුව සීශෙල්ස් කණ්ඩායම ජය වාර්තා කළා.
ශ්රී ලංකාවට පාපන්දු කුසලානය අහිමි වෙයි!
