ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(06) අලුයම 1.00 ට පමණ දිවයිනට ළඟාවුණා.

මෙවර තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ සියලු තරග ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.

අනතුරුව සුපිරි 12 දෙනාගේ වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරග විශිෂ්ට ජයග්‍රහණ ලබා ගත්තා.

නමුත් සුපිරි 12 දෙනාගේ වටයේ සෙසු තරග පරාජය වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වුණා.