දකුණු අප්‍රිකාවට පහසු ජයක් 

දකුණු අප්‍රිකාවට පහසු ජයක් 

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ අද (02) බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගය කඩුලු 6කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම  සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම  පළමුව යැවීමට තීරණය කළා.

ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 84ක් රැස් කළා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 3ක් තුළ ජයග්‍රහණය වාර්තා කළා.