ඔස්ට්‍රේලියාවට පහසු ජයක් !

ඔස්ට්‍රේලියාවට පහසු ජයක් !

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ අද (04) ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර  පැවැති තරගය ජගග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව  පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 73ක් පමණයි.

ඔස්ට්‍රේලියාව පන්දුවාර 6යි පන්දු 2කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 74 ලබාගැනීමට සමත් වුණා.