වනිඳු පළමු තැනට

වනිඳු පළමු තැනට

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ICC 20 යි 20 පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට පත්ව තිබෙනවා.

ඒ  මුළු ලකුණු 776 ක් හිමි කර ගනිමින්.

එසේම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පන්දුවාර 20 යි 20 තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි සිව්වන ස්ථානයද ඔහු හිමි කරගෙන තිබෙනවා.

ඔහු මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවෙනවා. දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් කඩුලු ත්‍රිත්වයත් සමඟ තරගාවලියේ තරග 7කදී ඔහු කඩුලු 14ක් ලබාගැනීමට ඔහු සමත් වුණා.

මේ අතර ශ්‍රී ලංකාවේ තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මෙවර  T 20 දක්ෂයින් අතරට එක්ව තිබෙනවා.

තරග 6ක දී කඩුළු 8ක් ලබාගනිමින් මහීෂ් තීක්ෂණ වැඩිම කඩුලුලාභීන් අතර සිව්වන ස්ථානයට පත්වුණා.

වැඩිම ලකුණුලාභීන් අතර දෙවන ස්ථානය පැතුම් නිස්සංකටත් එහි තෙවන ස්ථානය චරිත් අසලංකටත්
හිමිව ඇති බව වාර්තා වනවා.