ජය ඔස්ට්‍රේලියාවට

Previous Next

අද ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කළා.

එම ඉලක්කය පන්දු ඕවර 17කදි කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
 
ඩේවිඩ් වෝනර් ලකුණු 65ක් ලබා ගත්තා.

අරොන් ෆින්ච් ලකුණු 37යි.

ඇඩම් සැම්පා ලකුණු 12ට කඩුලු 2යි.

වනිඳු හසරංග ලකුණු 22ට කඩුලු 2යි.

භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 33යි. 

කුසල් පෙරේරා සහ චරිත් අසලංක ලකුණු 35 බැගින් රැස් කළා.