තියුණු තරගයකින් දකුණු අප්‍රිකාවට ජය

තියුණු තරගයකින් දකුණු අප්‍රිකාවට ජය

විස්සයි විස්ස සුපිරි 12 වටයේ
අද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 142ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 6ක් දැවී ලකුණු 146ක් ලබාගෙන  ජයග්‍රහණය කළා.

මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත් වුණා.