ඉන්දු පාකිස්ථාන ක්‍රිකට් සටනේ ජය පාකිස්ථානයට

ඉන්දු පාකිස්ථාන ක්‍රිකට් සටනේ ජය පාකිස්ථානයට

විස්සයි විස්ස කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති තරගය කඩුලු 10කින්  ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 151ක් ලබා ගත්තා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක විරාත් කෝලි ලකුණු 57ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් 39ක් රැස්කළා.

පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂහීන් ෂා අෆ්රිඩි කඩුලු 3ක් දවාගත් අතර හසන් අලි කඩුලු 2ක් දවාගත්තා.

පිළිතුරු ඉනිමේදී පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 5ක් තුළ ජයග්‍රහණය වාර්තා කිරීමට හැකිවුණා.

එම කණ්ඩායම වෙනුවෙන් නායක බාබර් අසාම් නොදැවී ලකුණු 68ක් රැස්කළ අතර මොහොමඩ් රිස්වාන්  නොදැවී ලකුණු 78ක් රැස්කළා.