ඕමානය සමඟ තරගයෙන් අභිමානය ශ්‍රී ලංකාවට

ඕමානය සමඟ තරගයෙන් අභිමානය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර අද (07) පැවැති පළමු 20 යි  20 තරගය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ ඕමාන කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව,  ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕමාන කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 143ක් පමණයි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.