විස්සයි විස්ස පළමු ජය දකුණු අප්‍රිකාවට

විස්සයි විස්ස පළමු ජය දකුණු අප්‍රිකාවට

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු T20I තරගය ලකුණු 28කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව,  දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 135ක් පමණයි.

අනුව තරඟ තුනකින් සමන්විත T20I තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.