දකුණු අප්‍රිකා - ශ්‍රි ලංකා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

දකුණු අප්‍රිකා - ශ්‍රි ලංකා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා තරගාවලියේ අද තරගය ලකුණු 78 කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රණය කරීමත් සමග 2 ට 1 ක් ලෙස එම තරගාවලියේ ජය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ, ලකුණු 125ක් පමණයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරගාවලියක් ජයග්‍රහණය කළේ වසර 8කට පසුවයි.