ශ්රී ලංකාවේ පිරිමි උස පැනීමේ වාර්තාව වසර 16 කට පසු උෂාන් තිවංක විසින් බිඳ හෙලනු ලැබුවා.
ඒ ඇමරිකාවේ ටෙක්සාස් හි පැවැති ටෙක්සාස් රිලේස් තරගාවලියේදීයි.
එම වාර්තා කළ උස මීටර 2.28 ක්.
මින් පෙර එම වාර්තාවට හිමිකම් කියණු ලැබුවේ මීටර 2.27 ක් සටහන් කළ මංජුල කුමාරයි.
2004 වසරේ තැබූ එම වාර්තාව යළිත් 2005 වසරේදී ඔහු විසින්ම සම කරනු ලැබුණා.
උෂාන් තිවංකගෙන් නව පිම්මක්
