හිටපු ක්‍රිකට් දැවැන්තයා 'ඩීන් ජෝන්ස්' සමුගනියි !

හිටපු ක්‍රිකට් දැවැන්තයා 'ඩීන් ජෝන්ස්' සමුගනියි !

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවෙ දැවැන්තයකු වන ඩීන් ජෝන්ස් හෘදයාබාධයකින් මියගොස් තිබේ. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 59 කි.

ඩීන් මර්වින් ජෝන්ස් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විචාරකයෙකු, පුහුණුකරුවෙකු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර ක්‍රීඩා කර ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැන් ක්‍රියාත්මක වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) 2020 පිළිබඳ විවරණයක් ලබා දීමට අත්සන් තබා තිබේ.

1961 මාර්තු 24 මෙල්බර්න් නගරයේ උපත ලද ඩීන් ජෝන්ස් එක්දින තරග 164 කට ක්‍රීඩා කර ඇති අතර ශතක 7 ක් සහ අර්ධ ශතක 46 ක් සමඟ ලකුණු 6068 ක් රැස් කර තිබේ. එක්දින තරගවලදී ඔහුගේ පිතිකරණය සහ පන්දු රැකීම  ක්‍රිකට් රසිකයන් අතර ජනප්‍රිය විය.