2019 වොලිබෝල් ලෝක කුසලානය බ්‍රසීලයට !

2019 වොලිබෝල් ලෝක කුසලානය බ්‍රසීලයට !

2019 වොලිබෝල් ලෝක කුසලානය බ්‍රසීලය විසින් දිනා ගෙන තිබේ. 2019 වොලිබෝල් ලෝක කුසලාන තරගාවලිය මෙවර ජපානයේ හිරෝෂිමා නුවරදී පැවැත්වූ අතර එහිදී අවසන් තරගය සඳහා බ්‍රසීලය සහ ඉතාලිය සුදුසුකම් ලැබීය.

2016 වසරේ රියෝද ජැනෙයිරෝ ඔලිම්පික් උළෙලේදී වොලිබෝල් තරගාවලියෙන් රන් පදක්කම දිනා ගත් බ්‍රසීල කණ්ඩායම 2003, 2007 වසරවලදී ද වොලිබෝල් ලෝක කුසලානය දිනා ඇත. මෙවරද ඉතාලිය පරාජය කරමින් 3 ට 0 ක් ලෙස පහසු ජයක් වාර්තා කර 2019 ලෝක කුසලානය දිනා ගැනීමට බ්‍රසීල වොලිබෝල් කණ්ඩායමට හැකි වී තිබේ. මෙවර තරගාවලියේ ලකුණු තත්ත්වය, 25ට 20 ක්, 25 ට 22 ක් සහ 25 ට 15 ක් ලෙස වාර්තා වෙයි.